මැහුම් ශිල්පයට ආදුනිකයෙක් විදියට මම ලබාගත්
අත්දැකීමක් මෙහෙම ලියන්න හිතුවා. නිවැරදි ආකාරයට සිරුරේ මිණුම් ලබාගෙන පතුරම්
සකසා ගැනීමට හැකිනම් මැහුම් කරණයේ අත්දැකීම් අඩු කෙනෙකුට උවද සාර්ථක ඇඳුම් නිර්මාණ
කල හැකි බවයි මගේ අදහස.
රවුම් සාය සහිත ගවුම් නිර්මාණයක් නිවැරදිව කරගන්නේ මෙහෙමයි.
(Actually this is my first try J)
Equipment we need:
අවශ්‍ය ප්‍රමාණයට රෙදි (සාමාන්‍ය ප්‍රමාණයේ(medium
size) ගවුමකට රෙදි යාර 3 ක් ප්‍රමාණවත්)
Two pieces of cardboard
තරමක් විශාල කඩදාසියක්
Measuring tape
Scissors
Pen or pencil
30cm ruler
මුලික පතුරම(basic pattern) සදහා නිවැරදිව සිරුරේ මිණුම් ලබා ගන්නා ආකාරය :
උකුළ උස(hip height)
: උරහිස සිට උකුළ දක්වා උස + 2.5cm
ඉණ උස(waist height)
: උරහිස සිට ඉණේ සිහින්ම ස්ථානයට උස
ඉණ වටය(waist width)
: (ඉණේ සිහින්ම ස්ථානය වටා මිම්ම)/4 + 3.5cm
පපුවටය(chest width)
: (පපුවට මිම්ම)/4 + 3.5cm
උකුළ වටය(hip width)
: (උකුළ වටා මිම්ම)/4 + 3.5cm
උරහිස(shoulder)
: (උරහිස මිම්ම)/2
අත්කර(armhole)
: (පපුවට මිම්ම)/4
- 3.5cm
ගෙල පහළට දිග(neckhole down) : (පපුවට මිම්ම)/12
+ 3.8cm
ගෙල හරහට දිග(neckhole across) : (පපුවට මිම්ම)/12
+ 1.3cm
දැන් සිරුරේ ඉහළ කොටසේ ප්‍රදාන පතුරම නිවැරදිව
සකසා ගන්නා ආකාරය බලමු.
සපයාගත් කාඩ්බෝඩ් කැබැල්ල හරි මැදින් දෙකට නවා
ගන්න.
එහි නැමුම් දාරය දිගේ ඉහළ වම කෙලවරේ සිට පහළට
උකුළ උස(hip height) සහ ගෙල පහළට දිග(neckhole down) ලකුණු කරන්න.
ඉහළ වම් කෙලවරේ සිට හරහට ගෙල හරහට දිග(neckhole
across) ලකුණු කරන්න.
නිදහස් අතින් ගෙල රේකාව අදින්න.
දැන් නැමුම් දාරය දිගේ ඉහළ වම කෙලවරේ සිට පහළට
අත්කර(armhole) ලකුණු කරන්න.
එම ස්ථානයේ සිට හරහට පපුවටය(chest width) ලකුණු කර දෙකෙළවර යා කරන්න.
එම රේකාව මත උරහිස(shoulder) ලකුණු කර ඒ හරහා ඉහලට සිරස් රෙකාවක් අදින්න.
දැන්
පහත රුපයේ දක්වා ඇති මිණුම් සලකුණු කරමින්
උරහිස රේකාව සහ අත්කර ඇදගන්න.
ඉණ වටය(waist width) සහ උකුළ වටය(hip width) පහත පරිදි සලකුණු කර දක්වා ඇති රතු ඉරි ඔස්සේ පතුරම කපා ගන්න.
දැන් දිගඅතට නමනලද රෙද්ද මත පතුරම තබා එය සලකුණු
කර දක්වා ඇති රතු ඉරි ඔස්සේ කපා ගන්න.
කපාගත් රෙදි පතුරම දිගහැර පහත පරිදි රේකා සලකුණු
කර, රැලි සාදාගැනීමට තද නිල් රේකාව ඔස්සේ 2cmක් බැගින් දුරින් නූලක් ඇද රැලි කරගන්න.
රැලි
සාදාගත් පසුව ඉණ වටය(waist width)
කාඩ්බෝඩ් පතුරමේ ඉණ වටයේ ප්‍රමාණයට සමාන
වන්නේද යන්න කාඩ්බෝඩ් පතුරම මත රැලි කරගත් රෙද්ද තබා තහවුරු කරගන්න.
ඉණ වටයෙන්(waist width) 2cmකට
පහළින් වැඩි රෙදි කොටස කපාදමු පසු ඉදිරිපස පළුව සුදානම්.
දැන් දිග අතට නවාගත් රෙද්ද මත කාඩ්බෝඩ් පතුරම නැවත
තබා රුපයේ පරිදි සලකුණු තබා රතු ඉරි ඔස්සේ පිටිපස පළුව කපා ගන්න.
අත(sleeve pattern) සදහා නිවැරදිව මිණුම් ලබා ගන්නා ආකාරය :
අත්කර(armhole)
: (පපුවට මිම්ම)/4
- 3.5cm
අත දිග(arm length) :උරහිස
සිට පහළට අතේ උස
අත්කර X මිනුම(Armhole
x) : (අත්කර)/2
+ 1.3cm
අත් වටය(Arm round)
: (අත් වටයේ දිග)/2 + 0.7cm
දැන් අතේ පතුරම(sleeve pattern) නිවැරදිව සකසා ගන්නා ආකාරය බලමු.
සපයාගත් කාඩ්බෝඩ් කැබැල්ල හරි මැදින් දෙකට නවා
ගන්න.
ඉහළ දකුණු කෙලවරේ සිට හරහට අත්කර(armhole) ලකුණු කර පහත රුපයේ පරිදි අනෙකුත් මිණුම්
සලකුණු කර දක්වා ඇති රතු ඉරි ඔස්සේ කපන්න.
දැන් පතුරම දිගහැර නැවතත් දක්වා ඇති රතු ඉරි
ඔස්සේ කපන්න.
රෙදි කැබැල්ල හරස් අතට නවා ඒ මත දිගහැර ගත් පතුරම
තබා අත් දෙක සදහා රෙදි කපාගත හැකිවේ.
රවුම් සාය(circle skirt) සදහා නිවැරදිව මිණුම් ලබා ගන්නා ආකාරය :
ඉණ වටය(waist width)
: (ඉණේ සිහින්ම ස්ථානය වටා මිම්ම)/4 + 3.5cm
ඉණ වටය X මිම්ම(waist
x) : (ඉණේ සිහින්ම
ස්ථානය වටා මිම්ම)/6.28
සාය උස : ඉණේ සිට පහළට සායේ උස + 3.5cm
මුළු උස(full length)
: ඉණ වටය X මිම්ම + සාය උස
දැන් රවුම් සායේ පතුරම(circle skirt
pattern) නිවැරදිව සකසා ගන්නා ආකාරය බලමු.
තරමක් ප්‍රමාණයෙන් විශාල කඩදාසියක් ගෙන එහි දිග
මුළු උස(full length) මෙන් දෙගුණයක් වනපරිදි කොටසක් කපාගෙන එය දෙකට
නවන්න.
රුපයේ පරිදි සලකුණු තබා රතු ඉරි ඔස්සේ සායේ පතුරම
කපා ගන්න.
එය යොදා ගනිමින් සායේ ඉදිරිපස සහ පසුපස පලු වෙන
වෙනම කපා ගන්න.
දැන් ගවුම සදහා සියළුම පතුරම් සුදානම් කර අවසන්.
ඔබ මහණ මැෂිම පාවිච්චි කිරීමට හොදින් පළපුරුදු
ඇති කෙනෙක් නම් ඉහත පරිදි කපා ගත් ගවුමක් මසා නිම කිරීමට ගත වන්නේ ඉතා සුළු
කාලයක්.
තවද වඩාත් අලංකාරවත් නිමාවක් සදහා ගවුම්ව් ඉණට
ගැළපෙන බඳ පටියක්(belt) සහ සිපර් එකක්(zipper)
සවි කිරීමට අමතක නොකරන්න.
%2B-%2BCopy%2B-%2BCopy.png)
.png)



.png)

