Wednesday, March 2, 2016

Sew Skirt

Hi Girls, this is the skirt I’m going to help you to sew.


මෙහි පතුරම ඉතා සරල එකක් නිසා කඩදාසි පතුරම් රහිතවම නිවැරදිව මසා ගන්නා ආකාරය මං ඔබට පැහැදිලි කරන්නම්.

Equipments we need:
රෙදි (සාමාන්‍ය ප්‍රමාණයේ (medium size) skirt එකකට අඟල් 45 පළල රෙද්දෙන් යාර 3/4 ක් ප්‍රමාණවත්)
Measuring tape
Scissors
Pen or pencil
30cm ruler

Let us see how to :
මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ මිණුම් 2 ක් පමණි. ඒවා මෙසේය.
         සාය උස (length)
    උකුළ වටය (hip)

පළමුව ඉදිරිපස පළුව (Front Pattern) කපා ගනිමු. ඒ සඳහා රෙද්දේ දිග අතට පහත රුපයේ පරිදි සලකුණු තබා රතු පැහැති රේඛා ඔස්සේ කපා ගන්න. ( මිණුම් අඟල් වලින් දක්වා අත.)


පිටුපස පළුව (Back Pattern) කොටස්  2කට කපා ගත යුතුවේ. ඒ සඳහා රෙද්දේ දිග අතට පහත රුපවල දක්වා ඇති  පරිදි සලකුණු තබා රතු පැහැති රේඛා ඔස්සේ කපා ගන්න.

 

අඟල් 2 ක් පමණ පළල පහල වාටියක් මසා ගැනීම මෙම විලාසිතාවට වදිවෙන්ම ගැලපෙනවා.

සායේ පිටුපස පළුව (Back Pattern) මසා ගැනීම ටිකක් වෙනස්. දකුණු පස පළුව අඟල් 1 ක් ද වම පස පළුව අඟල් 1 ක් ද  ඇතුලට නවා, දකුණු පස පලුවේ නැවුම් දාරයට තවත් අඟලක් ඇතුල් පසින් වම පස පලුවේ නැවුම් දාරය පිහිටන පරිදි  තබා මසා ගත යුතුවේ.

සායේ පිටුපස පලුවේ යට වාටිය අලංකාරව නිම කිරීමට ඉහතකී නැවුම් යොදාගෙන ඇති ආකාරය පහත චායාරුප බැලීමෙන් ඔබට වඩාත් පැහැදිළි කරගත හැකිවේ.




ඉණ සඳහා Zipper එකක් පිටුපස  පලුවේ ඉහළින් මසා ගත යුතුවේ. ඉණ වාටිය, අඟල් 2 ක පමණ පළල රෙදි පටියක් වැටියේ ඇතුල් පැත්තෙන් තබා මසා ගත යුතුවේ. See the below picture to clarify.



And girls, one final thing left, see the picture.




This is my design. Don’t forget to try yours for a beautiful and classy finish to your skirt.

Sunday, September 6, 2015

Sew Cowl Neck Top

 This time I'm gonna show you how to make a cowl neck top very easily using your previously created Basic Pattern (My Golden Post). If you haven't just go through the link and make your Basic Pattern.

Equipment We Need 

අවශ්‍ය ප්‍රමාණයට රෙදි(සාමාන්‍ය ප්‍රමාණය(medium size) සඳහා 1m ක් ප්‍රමාණවත්.)
Piece of Papers
මුලික පතුරම(Basic Pattern)
Measuring Tape
Ruler
Pencil pr Pen
Scissors

How we gonna make it

මූලික පතුරමෙන් අපට දැන් අවශ්‍ය වන පතුරම සකසා ගන්නේ මෙහෙමයි.
පතුරමේ අත්කර දිග කොටස් 3 කට බෙදා පහත රුපයේ පරිදි හරස් රේඛාවක් ඇඳ අත් කර පැත්තෙන් පතුරම දෙකට වෙන් නොවෙනසේ එම රේඛාව ඔස්සේ කපා ගන්න.

( රැලි ප්‍රමාණය වැඩි කර ගැනීමට නම් ඔබ පතුරමේ අදින හරස් රේඛාවේ පහළට ආනතිය වැඩි කල යුතුය.
රැලි වඩාත් ගෙලට ලන්ව වැටීමට අවශ්‍ය නම් ඔබ හරස් රේඛාව අත් කරේ(arm hole) වඩාත් ඉහළ ස්ථානයක සිට සලකුණු කර ගත යුතුවේ.)
















දැන් කඩදාසිය මත පතුරම තබා පතුරම් කොටස් දෙක අතර පරතරය අඟල් 3 ක්(about 6cm)  වන පරිදි පතුරම කඩදාසිය මත අලවා ගන්න.
පහත රුපයේ පරිදි රේඛා සලකුණු කර  නිල් පැහැති රේඛා ඔස්සේ කපාගත් විට ඔබට  cowl neck top  සඳහා අවශ්‍ය ඉදිරිපස පතුරම(front pattern) ලැබේ.
දැන් රෙදි වලින් පතුරම කැපීමේදී පළමුව රෙද්දේ දිග අත ගෙන 30 cm පමණ කොටසක් රෙද්දේ ඇතුල් පැත්තට නමාගන්න.
එසේ නමන ලද කොටසේ නමුම් දාරය ඔස්සේ පතුරමේ උරහිස(shoulder) වැටෙනසේ පතුරම රෙද්ද මත තබා බ්ලව්සයේ ඉදිරිපස පළුව කපා ගන්න.
බ්ලව්සයේ පිටුපස පළුව ඔබගේ මුලික පතුරමේ පිපිටුපස පළුව(basic pattern back) යොදා ගනිමින් කපා ගන්න.
මැසීමේදී පළමුව උරහිස් මසා ගන්න.දෙවනුව අත් කර(arm hole) මසා ගන්න. දැන් ඉණ දෙපැත්ත මසා අවසානයට බ්ලව්සයේ යට වාටිය මසා ගන්න.
අවසානයේ ඔබට අවශ්‍ය පරිදි ගෙළ රැළි වැටී ඇති බ්ලව්සයක්(cowl neck top) නිර්මාණයවී තිබේවි.





Sunday, May 10, 2015

Sew Lungi

Recently I had a great event in my university, UCSCපැදුර2015. All our girls wore Lungies for the event and my god it was really amazing, colorful night with colorful Lungies and Sarongs. Actually the point is I sewed my one by myself. J
I thought it is better to tell  all you girls how did I make it, cause Lungi is becoming a emerging fashion in Sri Lanka now a days.

So let’s move on to the track.
jacket(blouse) for Lungi මසා ගන්නේ මෙහෙමයි.

Equipments we need:

රෙදි (සාමාන්‍ය ප්‍රමාණයේ(medium size) blouse එකකට අඟල් 45 පළල තනි පාට(plain color) රෙද්දෙන් 1m ක් ප්‍රමාණවත්)
අලංකරණය සඳහා තනි පාට රෙද්දට ගැළපෙන වෙනත් රෙද්දකින් මීටර් කාලක්(0.25m) පමණ.
Measuring tape
Scissors
Pen or pencil
30cm ruler

How we gonna made it:

If you already have followed me, probably you should have a quality basic pattern of yours.

ලුන්ගි jacket(blouse) එක මැසිම සඳහා මුලික පතුරම(basic pattern) සහ අතේ පතුරම(sleeve pattern) අවශ්‍යවේ. 

පළමුව මුලික පතුරමේ ඉදිරිපස පළුව (basic pattern front) රෙද්ද මත තබා රෙදි පතුරම කපා ගන්න.

කපාගත් රෙදි පතුරම මත පහත රුපයේ පරිදි සලකුණු තබා රතු රේඛා ඔස්සේ කපා ගන්න.




















කර අලංකරණය සඳහා ඔබ යොදා ගන්නා රෙද්දෙන් පහත රූපයේ පරිදි කොටසක් කපා ගන්න.























දැන් එය පතුරමේ කරට තබා වාටි ඇතුලට නවා මසා ගන්න. Change the shape of piping as you wish.


මුලික පතුරමේ පිටුපස පළුව (basic pattern back) රෙද්ද මත තබා රෙදි පතුරම කපා ගන්න.
පිටුපස පළුවේ කර වටයටද 6cm පළල රෙදි පටියක් තබා වාටි ඇතුලට නවා මසා ගන්න.











අතේ පතුරම කැපීමේදී අතේ දිග (length) ඔබ කැමති ප්‍රමාණයට ගන්න. අනෙකුත් මිණුම් කඩදාසි පතුරමේ පිහිටා ඇති පරිදිම ගෙන ත සඳහා රෙදි කපා ගන්න.
අලංකරණය සඳහා ඔබ යොදා ගන්නා රෙද්දෙන් 6cm පළල රෙදි පටි 2ක් කපා ඒවා දිග තට හරි මැදින් නවා අත් වල වාටි ඔස්සේ තබා මසා ගන්න.

දැන් ඔබට ඉතිරිව ඇත්තේ සාමාන්‍ය ආකාරයට blouse එක මසා ගැනීම පමණි.
මසාගැනීමේදී පළමුව උරහිස් මසන්න. ඊළඟට අත් මසා ඉන දෙපැත්ත මසා ගන්න. අවසානයට blouse එකේ පහල වාටිය 0.5cm පමණ සිහින් වාටියක් මසා ගන්න.


Tuesday, April 21, 2015

Sew Blouse for Casual Ware

අද මම ඔබට කියන්න යන්නේ casual ware එකකට ගැළපෙන  blouse එකක් මසා ගන්න ආකාරය. But if you have a look at the appearance of the finished blouse, you will see how this would suite for a formal ware.


Equipments we need:
රෙදි (සාමාන්‍ය ප්‍රමාණයේ(medium size) blouse එකකට අඟල් 45 පළල රෙද්දෙන් 1.5m ක් ප්‍රමාණවත්)
Two pieces of cardboard
තරමක් විශාල කඩදාසියක්
Measuring tape
Scissors
Pen or pencil
30cm ruler

How we gonna made it:
නිවැරදිව සිරුරේ මිණුම් ගෙන පතුරම් කපා ගන්නා ආකාරය ගියවර පාඩමින් මම ඉදිරිපත් කලා. එය මෙතනින් ලබාගන්න.


පළමුව රෙද්ද හරි මැදින් දෙකට නමා එය මත මුලික පතුරමේ ඉදිරිපස පළුව(Basic pattern Front) තබා පහත රූපයේ පරිදි සලකුණු තබා රතු පාටින් දක්වා ඇති රේඛා ඔස්සේ කපා ගන්න.


දැන් රෙදි පතුරම දිගහැර නිල් රේඛාව ඔස්සේ නවා දක්වා ඇති පරිදි නූල් ඇදගන්න.



දක්වා ඇති පරිදි රෙදි තීරු කපාගන්න.(5cm තීරු 2යි, 10cm තීරු 4යි, 20cm තීරු 1යි)

5cm තීරු 2 දෙකට නවා කරේ පහල මාඉමේ සිට 2.5cm ක් ඉහළ සිට මසා ගන්න.
දැන් 20cm තීරුව එතැන් සිට 7cmක් පහළින් තබා මසා ගන්න.

10cm තීරු 4 ද දෙකට නමා 2.5cm බැගින් පහළට වන පරිදි මසා ගන්න.


දැන් මුලික පතුරමේ පිටුපස පළුව (Basic Pattern Back) රෙද්ද මත තබා කපා ගන්න.

අවසානයට අත් සඳහා රෙදි කපා ගැනීමට පළමුවෙන් 2cm x 40cm ප්‍රමාණයේ රෙදි කැබලි 2ක් කපා ගන්න.
දැන් රෙද්ද දෙකට නමා එහි හරි මැදින් ඇතුලට නැමුණු රැලි 2ක් සැදෙනසේ ක්‍රමානුකුලව රෙද්ද නමා රැලි වලට ඇතුල් පැත්තෙන් මසා ගන්න.



එසේ සකසා ගත් රෙදි කැබැල්ල මත අතේ මුලික පතුරම (sleeve pattern) තබා රුපයේ පරිදි රේඛා සලකුනු කර රතු රේඛා ඔස්සේ කපා ගන්න.මේ ආකාරයට අත් දෙකම සඳහා රෙදි කපා ගන්න.
දැන් blouse එක සඳහා අවශ්‍ය සියළුම රෙදි පතුරම් කපා අවසන්.

මසාගැනීමේදී පළමුව උරහිස් මසන්න. ඊළඟට අත් මසා ඉන දෙපැත්ත මසා ගන්න. අවසානයට blouse එකේ පහල මාඉම තිරස් වන පරිදි වැඩි රෙදි කොටස් කපාදමා 0.5cm පමණ සිහින් වාටියක් මසා ගන්න.




Capture credit: Hasanga EshanJ



Monday, March 9, 2015

Sew gown

මැහුම් ශිල්පයට ආදුනිකයෙක් විදියට මම ලබාගත් අත්දැකීමක් මෙහෙම ලියන්න හිතුවා. නිවැරදි ආකාරයට සිරුරේ මිණුම් ලබාගෙන පතුරම් සකසා ගැනීමට හැකිනම් මැහුම් කරණයේ අත්දැකීම් අඩු කෙනෙකුට උවද සාර්ථක ඇඳුම් නිර්මාණ කල හැකි බවයි මගේ අදහස.
රවුම් සාය සහිත ගවුම් නිර්මාණයක් නිවැරදිව කරගන්නේ මෙහෙමයි. 
(Actually this is my first try J)

Equipment we need:

අවශ්‍ය ප්‍රමාණයට රෙදි (සාමාන්‍ය ප්‍රමාණයේ(medium size) ගවුමකට රෙදි යාර  3 ක් ප්‍රමාණවත්)
Two pieces of cardboard
තරමක් විශාල කඩදාසියක්
Measuring tape
Scissors
Pen or pencil
30cm ruler

මුලික පතුරම(basic pattern) සදහා නිවැරදිව සිරුරේ මිණුම් ලබා ගන්නා ආකාරය :

උකුළ උස(hip height) : උරහිස සිට උකුළ දක්වා උස + 2.5cm
ඉණ උස(waist height) : උරහිස සිට ඉණේ සිහින්ම ස්ථානයට උස
ඉණ වටය(waist width) : (ඉණේ සිහින්ම ස්ථානය වටා මිම්ම)/4 + 3.5cm
පපුවටය(chest width) : (පපුවට මිම්ම)/4 + 3.5cm
උකුළ වටය(hip width) : (උකුළ වටා මිම්ම)/4 + 3.5cm
උරහිස(shoulder) : (උරහිස මිම්ම)/2
අත්කර(armhole) : (පපුවට මිම්ම)/4 - 3.5cm
ගෙල පහළට දිග(neckhole down) : (පපුවට මිම්ම)/12 + 3.8cm
ගෙල හරහට දිග(neckhole across) : (පපුවට මිම්ම)/12 + 1.3cm

දැන් සිරුරේ ඉහළ කොටසේ ප්‍රදාන පතුරම නිවැරදිව සකසා ගන්නා ආකාරය බලමු.
සපයාගත් කාඩ්බෝඩ් කැබැල්ල හරි මැදින් දෙකට නවා ගන්න.
එහි නැමුම් දාරය දිගේ ඉහළ වම කෙලවරේ සිට පහළට උකුළ උස(hip height) සහ ගෙල පහළට දිග(neckhole down) ලකුණු කරන්න.
ඉහළ වම් කෙලවරේ සිට හරහට ගෙල හරහට දිග(neckhole across) ලකුණු කරන්න.
නිදහස් අතින් ගෙල රේකාව අදින්න.
දැන් නැමුම් දාරය දිගේ ඉහළ වම කෙලවරේ සිට පහළට අත්කර(armhole) ලකුණු කරන්න.
එම ස්ථානයේ සිට හරහට පපුවටය(chest width) ලකුණු කර දෙකෙළවර යා කරන්න.
එම රේකාව මත උරහිස(shoulder) ලකුණු කර ඒ හරහා ඉහලට සිරස් රෙකාවක් අදින්න.
දැන් පහත රුපයේ දක්වා ඇති මිණුම්  සලකුණු කරමින් උරහිස රේකාව සහ අත්කර ඇදගන්න.



ඉණ වටය(waist width) සහ උකුළ වටය(hip width) පහත පරිදි සලකුණු කර දක්වා ඇති රතු ඉරි ඔස්සේ පතුරම කපා ගන්න.





 දැන් දිගඅතට නමනලද රෙද්ද මත පතුරම තබා එය සලකුණු කර දක්වා ඇති රතු ඉරි ඔස්සේ කපා ගන්න.
කපාගත් රෙදි පතුරම දිගහැර පහත පරිදි රේකා සලකුණු කර, රැලි සාදාගැනීමට තද නිල් රේකාව ඔස්සේ 2cmක් බැගින් දුරින් නූලක් ඇද රැලි කරගන්න.
රැලි සාදාගත් පසුව  ඉණ වටය(waist width) කාඩ්බෝඩ් පතුරමේ ඉණ වටයේ  ප්‍රමාණයට සමාන වන්නේද යන්න කාඩ්බෝඩ් පතුරම මත රැලි කරගත් රෙද්ද තබා තහවුරු කරගන්න.
ඉණ වටයෙන්(waist width) 2cmකට පහළින් වැඩි රෙදි කොටස කපාදමු පසු ඉදිරිපස පළුව සුදානම්.

 දැන් දිග අතට නවාගත් රෙද්ද මත කාඩ්බෝඩ් පතුරම නැවත තබා රුපයේ පරිදි සලකුණු තබා රතු ඉරි ඔස්සේ පිටිපස පළුව කපා ගන්න.

අත(sleeve pattern) සදහා නිවැරදිව මිණුම් ලබා ගන්නා ආකාරය :

අත්කර(armhole) : (පපුවට මිම්ම)/4 - 3.5cm
අත දිග(arm length) :උරහිස සිට පහළට අතේ උස
අත්කර X මිනුම(Armhole x) : (අත්කර)/2 + 1.3cm
අත් වටය(Arm round) : (අත් වටයේ දිග)/2 + 0.7cm

දැන් අතේ පතුරම(sleeve pattern) නිවැරදිව සකසා ගන්නා ආකාරය බලමු.
සපයාගත් කාඩ්බෝඩ් කැබැල්ල හරි මැදින් දෙකට නවා ගන්න.
ඉහළ දකුණු කෙලවරේ සිට හරහට අත්කර(armhole) ලකුණු කර පහත රුපයේ පරිදි අනෙකුත් මිණුම් සලකුණු කර දක්වා ඇති රතු ඉරි ඔස්සේ කපන්න.
දැන් පතුරම දිගහැර නැවතත් දක්වා ඇති රතු ඉරි ඔස්සේ කපන්න.








රෙදි කැබැල්ල හරස් අතට නවා ඒ මත දිගහැර ගත් පතුරම තබා අත් දෙක සදහා රෙදි කපාගත හැකිවේ.



රවුම් සාය(circle skirt) සදහා නිවැරදිව මිණුම් ලබා ගන්නා ආකාරය :

ඉණ වටය(waist width) : (ඉණේ සිහින්ම ස්ථානය වටා මිම්ම)/4 + 3.5cm
ඉණ වටය X මිම්ම(waist x) : (ඉණේ සිහින්ම ස්ථානය වටා මිම්ම)/6.28
සාය උස : ඉණේ සිට පහළට සායේ උස + 3.5cm
මුළු උස(full length) : ඉණ වටය X මිම්ම + සාය උස

දැන් රවුම් සායේ පතුරම(circle skirt pattern) නිවැරදිව සකසා ගන්නා ආකාරය බලමු.
තරමක් ප්‍රමාණයෙන් විශාල කඩදාසියක් ගෙන එහි දිග මුළු උස(full length) මෙන් දෙගුණයක් වනපරිදි කොටසක් කපාගෙන එය දෙකට නවන්න.
රුපයේ පරිදි සලකුණු තබා රතු ඉරි ඔස්සේ සායේ පතුරම කපා ගන්න.
එය යොදා ගනිමින් සායේ ඉදිරිපස සහ පසුපස පලු වෙන වෙනම කපා ගන්න.
දැන් ගවුම සදහා සියළුම පතුරම් සුදානම් කර අවසන්.

ඔබ මහණ මැෂිම පාවිච්චි කිරීමට හොදින් පළපුරුදු ඇති කෙනෙක් නම් ඉහත පරිදි කපා ගත් ගවුමක් මසා නිම කිරීමට ගත වන්නේ ඉතා සුළු කාලයක්.
තවද වඩාත් අලංකාරවත් නිමාවක් සදහා ගවුම්ව් ඉණට ගැළපෙන බඳ පටියක්(belt) සහ සිපර් එකක්(zipper) සවි කිරීමට අමතක නොකරන්න.


 



 (Trust me girls J  If you follow above steps correctly, at the end of the day you will come up with a fabulous gown for sure.)